නීලම්මහර
පුරාණ විහාරය

Neelammahara Purana Viharaya

ඵෙතිහාසික

නීලම්මහර පුරාණ විහාරය

ඓතිහාසික නීලම්මහර පුරාණ මහා විහාරය ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ කෝට්ටේ කල්‍යානි සාමාග්‍රී ධ ර් ම මහා සංඝ සභාවේ ගල්ගොඩ පාර්ශවය නියෝජනය කරන ප්‍රධානම සම්භාවනීය විහාරස්ථානයකි. ඓතිහාසිකව සලකා බැලූ කල වසර 250කට අධික ඉතිහාසයකට හිමිකම් කියන දෙස් විදෙස් වශයෙන් ගෞරවාදරයට පත් වුණු විහාරස්ථානයකි.

අතිපූජ්‍ය දික්වැල්ලේ සුදස්සි නායක මාහිමි මාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය, ආරම්භයේදී පටන්ම දේශීය වෙදකම මෙම විහාරස්ථානය තුළ පවත්වා ගෙන යන ලදි. උන්වහන්සේ මානසික රෝග සහ කායික රෝග සඳහා ප්‍රතිකාර කරන ලද ඉතාමත් දක්ෂ විශේෂඥ වෛද්‍ය වරයෙකි. උන්වහන්සේගෙන් ආරම්භව උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා ද මෙම වෛද්‍ය ක්‍රමය ප්‍රගුණ කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙස් විදෙස් රෝගීන් කායික මානසික සුවතාවයට පත්වීම නිසා ම දෙස් විදෙස් සම්භාවනීය වුණු පුණ්‍යභූමියකි. එසේම මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ ලොව ප්‍රථම මානසික රෝහල වශයෙන් ද මෙම විහාරස්ථානය විරුදාවලිය ලැබීමයි. 

Neelammahara-Purana-Viharaya-cover

මඟුලැතු

නැදුන්ගමුව විජයරාජා

නීලම්මහර පුරාණ විහාරයේ විහාරාධිපති දෙහිවල ධම්මාලෝක නායක මා හිමිපාණන් වහන්සේ විසින් ඉන්දියාවේ ප්‍රාන්තයේ වංශවත් පවුලක මහරාජා කෙනෙකුගේ දියණියකට ප්‍රතිකාර කොට සුවය ලැබූ ප්‍රීතිය නිමිත්තෙන් ඉන්දියාවෙන් නීලම්මහර පුරාණ විහාරයට අපූරු ත්‍යාගයක් ලැබුණි.

නැදුම්ගමුවේ රාජා ලෙස ජනාදරයට පත් ඇතා මුල් කාලයේ හඳුන්වන ලද්දේ “නීලම්මහර නීලා” හෙවත් නීලම්මහර ඇතා ලෙසය. 2006 වර්ෂයේ සිට දහතුන් වසරක් පුරාවට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ උතුම් වූ සධාතුක කරඬුව වැඩම කිරීමට මේ හස්තිරාජයා වාසනාවන්ත විය. හීලෑ ඇත් පන්තියේ උසින් වැඩිම ඇතා ලෙසද සැලකුවේය.

Nanduna-Gamuwa-Raja---Neelammahara-Purana-Viharaya
විද්‍යා දදාති විනයං
විහාරධිපති

පූජ්‍ය වැලිමඩ චන්දරතන හිමි.

දහම් අධ්‍යාපනය

ශ්‍රී ධම්මාලෝක දහම් පාසල

විහාරස්ථානයේ වසර පුරාවට සිදුවෙන

විශේෂ වැඩසටහන්

katina-pinkama

නීලම්මහර පුරාණ විහාරස්ථානයේ කඨින මහා පුජෝත්සවය 2023

Dhathu-thampath-kirrima

මෛත්‍රි බොධිසත්ව ප්‍රථිමාවෙහි නිදන් වස්තු තැන්පත් කිර්‍රිමේ පිංකම

විහරස්ථානයේ ඡායා රූප

නීලම්මහර පුරාණ විහාරය

© Copyright 2023 Neelammahara Purana Viharaya

Scroll to Top